Luke 5:12 — Compare Translations
4 translations compared side by side
Sinhala (SCV) 2020 (සිංහල කාලීන පරිවර්තනය)
උන්වහන්සේ එක් නගරයක සිටියදී ගත පුරා කුෂ්ඨ රෝගියෙක් අවුත්, යේසුස්වහන්සේ දැක, වැටී මුහුණ බිම ඔබා, උන්වහන්සේට කන්නලව් කරමින්, “ස්වාමිනි, ඔබ කැමති නම් මා පවිත්‍ර කරන්නට ඔබට පුළුවනැ” යි කීවේ ය.
Sinhala Bile - New Revised Version (NRSV)
තවද උන් වහන්සේ එක් නුවරක සිටිය දී, සර්වාංගයෙහි ලාදුරු තිබුණු මිනිසෙක් එහි විය. ඔහු ජේසුස් වහන්සේ අබිමුවෙහි වැඳ වැටී, “ස්වාමීනි, ඔබ කැමැති සේක් නම්, මා පවිත්‍ර කරන්න ඔබට හැකි ය” කියමින් උන් වහන්සේට කන්නලව් කෙළේ ය.
Sinhala Bile - Revised Old Version (SROV)
තවද උන්වහන්සේ එක් නුවරක සිටියදී කුෂ්ඨයෙන් පිරුණු මනුෂ්‍යයෙක් එහි සිටියේය. ඔහු යේසුස්වහන්සේ දැක මුහුණින් වැටී: ස්වාමිනි, ඔබ කැමතිසේක් නම් මා පවිත්‍රකරන්ට ඔබට පුළුවනැයි කියා උන්වහන්සේට කන්නලව්කෙළේය.
Sinhala SNRV (New Revised Version 2018)