Luke 5:21 — Compare Translations

4 translations compared side by side

Sinhala (SCV) 2020 (සිංහල කාලීන පරිවර්තනය)
එවිට දහම් පඬිවරු හා පරිසිවරු, “දේවාපහාස පවසන මොහු කවුරු ද? දෙවියන්වහන්සේට මිස, පාප කමා කරන්නට පුළුවන් කවරකුට දැ?” යි ප්‍රශ්න කරන්නට වන්හ.
Sinhala Bile - New Revised Version (NRSV)
එවිට විනයධරයෝ ද පරිසිවරු ද, “දේවාපහාස වචන කියන මේ මිනිහා කවරෙක් ද? දෙවියන් වහන්සේට මිස පව් කමා කරන්න පුළුවන් අන් කාට දැ”යි විවාද කරන්න පටන්ගත්හ.
Sinhala Bile - Revised Old Version (SROV)
එවිට ලියන්නෝද පරිසිවරුද: දෙවියන්වහන්සේට අපහාස වචන කියන මොහු කවුද? පව් කමාකරන්ට දෙවියන්වහන්සේට මිස වෙන කාට පුළුවන්දැයි කල්පනාකරන්ට පටන්ගත්තෝය.
Sinhala SNRV (New Revised Version 2018)
එවිට විනයධරයෝ ද පරිසිවරු ද, “දේවාපහාස වචන කියන මේ මිනිහා කවරෙක් ද? දෙවියන් වහන්සේට මිස පව් කමා කරන්න පුළුවන් අන් කාට දැ”යි විවාද කරන්න පටන්ගත්හ.