Luke 6:17 — Compare Translations

4 translations compared side by side

Sinhala (SCV) 2020 (සිංහල කාලීන පරිවර්තනය)
උන්වහන්සේ ඔවුන් සමඟ පහළට බැස, තැනිතලා බිමකට ආ සේක. උන්වහන්සේගේ අනුගාමිකයින් විශාල සංඛ්‍යාවක් හා මුළු යුදයෙන් ද යෙරුසලමෙන් ද මුහුදුකරයේ තීර් හා සීදොන් පළාත්වලින් ද ආ අති මහත් ජනකායක් එහි වූහ.
Sinhala Bile - New Revised Version (NRSV)
උන් වහන්සේ ඔවුන් සමඟ කන්දෙන් බැස තැනිතලා බිමක නැවතී සිටි සේක; උන් වහන්සේගේ ශ්‍රාවකයන්ගෙන් මහා සමූහයක් ද, මුළු ජුදයෙන් හා ජෙරුසලමෙනුත්, තීර්හි සහ සීදොනයෙහි මුහුදුකරයෙනුත් උන් වහන්සේගේ දේශනා අසන්නට හා සිය රෝග සුව කරවාගන්නට ආ බොහෝ දෙනෙක් ද එහි වූ හ.
Sinhala Bile - Revised Old Version (SROV)
උන්වහන්සේ ඔවුන් සමඟ බැස ඇවිත් සමභූමියක නැවතී සිටිසේක, උන්වහන්සේගේ ගෝලයන්ගෙන් මහත් සමූහයක්ද උන්වහන්සේගේ වචන අසන්ටත් තමුන්ගේ රෝග සුවකරවාගන්ටත් මුළු යුදය හා යෙරුසලමෙනුත් තීර් හා සීදොන්හි මුහුදුකරෙනුත් ආවාවූ බොහෝ දෙනෙක්ද සිටියෝය;
Sinhala SNRV (New Revised Version 2018)