Luke 6:22 — Compare Translations

4 translations compared side by side

Sinhala (SCV) 2020 (සිංහල කාලීන පරිවර්තනය)
මනුෂ්‍ය පුත්‍රයා නිසා මිනිසුන් ඔබට වෛර කරන කල, ඔවුන් ඔබ බැහැර කරමින්, ඔබට අවමන් කරමින්, ඔබේ නාමය නපුරකැයි හෙළා දකින කල ඔබ භාග්‍යවත් ය.
Sinhala Bile - New Revised Version (NRSV)
මනුෂ්‍ය-පුත්‍රයාණන් නිසා මිනිසුන් ඔබට වෛර බැඳ, ඔබ ප්‍රතික්ෂේප කොට, ඔබට නින්දා කොට, ඔබේ නාමය හෙළා දකින කල ඔබ භාග්‍යවන්තයෝ ය.
Sinhala Bile - Revised Old Version (SROV)
මනුෂ්‍ය පුත්‍රයා නිසා මනුෂ්‍යයන් ඔබ සැමට වෛරකරන කලද තමුන්ගේ සමාගමෙන් ඔබ සැම වෙන්කර, ඔබ සැමට නින්දාකර, ඔබ සැමගේ නාමය නපුරුයයි පහකරන කලද ඔබ සැම ආශීර්වාදලද්දෝය.
Sinhala SNRV (New Revised Version 2018)
මනුෂ්‍ය-පුත්‍රයාණන් නිසා මිනිසුන් ඔබට වෛර බැඳ, ඔබ ප්‍රතික්ෂේප කොට, ඔබට නින්දා කොට, ඔබේ නාමය හෙළා දකින කල ඔබ භාග්‍යවන්තයෝ ය.