Luke 6:38 — Compare Translations
4 translations compared side by side
Sinhala (SCV) 2020 (සිංහල කාලීන පරිවර්තනය)
දෙන්න; එවිට ඔබටත් දෙනු ලැබේ. තද කර ඔබා, සොලව සොලවා, පිරී ඉතිරී යන්නට ඔබේ ඔඩොක්කුවට මැන දෙනු ඇත. මන්ද ඔබ මනින මිම්මෙන්ම ඔබට ද මැන දෙනු ලැබේ.”
Sinhala Bile - New Revised Version (NRSV)
අනුන්ට දෙන්න, එවිට ඔබටත් දෙනු ලැබේ. ඔව්හු නියම මිම්ම පිරී ඉතිරී යන තරමට එය සොලව සොලවා, තළ තළා ඔබගේ ඔඩොක්කුවට මැන දමන්නහු ය. ඔබ යම් මිම්මකින් මැන දෙන්නහු ද, ඒ මිම්මෙන් ම ඔබටත් ආපසු මැන දෙනු ලැබේ ය”යි වදාළ සේක.
Sinhala Bile - Revised Old Version (SROV)
දෙන්න, එවිට ඔබ සැමටත් දෙනු ලැබෙන්නේය; ඔව්හු ඔබමින් සොලවමින් උතුරුවමින් ඔබ සැමගේ ඔඩොක්කුවලට හොඳාකාර මැනදෙන්නෝය. මක්නිසාද ඔබ සැම යම් මිම්මකින් මැනදෙන්නහුද එයින්ම නැවත ඔබ සැමටත් මැනදෙනු ලැබෙන්නේයයි කීසේක.
Sinhala SNRV (New Revised Version 2018)