Luke 7:22 — Compare Translations
4 translations compared side by side
Sinhala (SCV) 2020 (සිංහල කාලීන පරිවර්තනය)
ඉන්පසු ඔවුන් ඇමතූ උන්වහන්සේ, “දැන් ආපසු ගොස්, ඔබ අසන, දකින දෑ යොහන්ට ගොසින් කියන්න. අන්ධයෝ පෙනීම ලබති; කොරු ඇවිදිති; කුෂ්ඨ රෝගීහු පවිත්‍ර කෙරෙති; බිහිරි අය ඇසීම ලබති. මළාහු නැගිටුවනු ලබති. දිළිඳුනට ශුභාරංචිය ප්‍රකාශ කරනු ලැබේ.
Sinhala Bile - New Revised Version (NRSV)
උන් වහන්සේ උත්තර දෙමින්, “යන්න, ඔබ ඇසූ දුටු දෙය ජොහන්ට දන්වන්න; අන්ධයෝ පෙනීම ලබති, කොරු ඇවිදිති, ලාදුරු රෝගීහු පවිත්‍ර කරනු ලබති, බිහිරෝ ඇසීම ලබති, මළාහු නැඟිටුවනු ලබති; දිළිඳුන්ට සුබ අස්න ප්‍රකාශ කරනු ලැබේ.
Sinhala Bile - Revised Old Version (SROV)
උන්වහන්සේ උත්තරදෙමින්: ඔබ සැම ඇසූ දුටු දේ ගොස් යොහන්ට දන්වන්න; බිහිරන්ට ඇසෙයි, මළාහු නැගුටුවනු ලබති, අන්ධයෝ පෙනීම ලබති, කොරු ඇවිදිති, කුෂ්ඨ රෝගීහු පවිත්‍රකරනු ලබති, දිළිඳුන්ට ශුභාරංචිය ප්‍රකාශකරනු ලැබේ.
Sinhala SNRV (New Revised Version 2018)