Luke 7:44 — Compare Translations
4 translations compared side by side
Sinhala (SCV) 2020 (සිංහල කාලීන පරිවර්තනය)
ස්ත්‍රිය දෙසට හැරී, සීමොන් අමතමින්, “මැය ඔබට පෙනෙනවා නො වේ ද? මා ඔබේම ගෙදරට ආ නමුත්, මගේ පා සෝදන්නට ඔබ වතුර දුන්නේ නෑ. එනමුත් මෑ, ඇගේ කඳුළින් මගේ පා තෙමා, ඇගේම හිසකෙසින් ඒවා පිස දැමුවා.
Sinhala Bile - New Revised Version (NRSV)
ස්ත්‍රිය දෙසට හැරී, සීමොන්ට කතා කොට, “මේ ස්ත්‍රිය ඔබට පෙනෙනවා නොවේ ද? මම ඔබේ ගෙදරට ඇතුළු වුණෙමි, ඔබ මාගේ පාද සේදීමට වතුර නුදුන්නෙහි ය. එහෙත් මෑ සිය කඳුලින් මාගේ පාද තෙමා සිය හිසකේවලින් ඒවා පිසදැමුවා ය.
Sinhala Bile - Revised Old Version (SROV)
ස්ත්‍රිය දෙසට හැරී, සීමොන්ට කථාකොට: මේ ස්ත්‍රිය ඔබට පෙනෙනවාද? මම ඔබේ ගෙදරට ඇතුල්වුණෙමි, ඔබ මාගේ පාද සෝදන්ට වතුර දුන්නේ නැත. නුමුත් මෑ තමාගේ කඳුළෙන් මාගේ පාද තෙමා, ඇගේ හිසකේවලින් ඒවා පිසදැමුවාය.
Sinhala SNRV (New Revised Version 2018)
ස්ත්‍රිය දෙසට හැරී, සීමොන්ට කතා කොට, “මේ ස්ත්‍රිය ඔබට පෙනෙනවා නොවේ ද? මම ඔබේ ගෙදරට ඇතුළු වුණෙමි, ඔබ මාගේ පාද සේදීමට වතුර නුදුන්නෙහි ය. එහෙත් මෑ සිය කඳුලින් මාගේ පාද තෙමා සිය හිසකේවලින් ඒවා පිසදැමුවා ය.