Luke 7:8 — Compare Translations
4 translations compared side by side
Sinhala (SCV) 2020 (සිංහල කාලීන පරිවර්තනය)
මන්ද මමත් ආධිපත්‍යයට යටත් මනුෂ්‍යයෙක්මි; මා යටතේ ද හේවායෝ සිටිති. මා මොහුට ‘යනු’ යි කී කල ඔහු යයි; වෙනෙකකුට ‘එනු’ යි මා කී කල ඔහු එයි. ‘මෙය කරනු’ යි මගේ මෙහෙකරුට කී කල, ඔහු එය කරතැ” යි පැවසී ය.
Sinhala Bile - New Revised Version (NRSV)
මම ද බලය ලත් අය යටතෙහි සිටින මිනිසෙක්මි. මා යටතෙහි ද හේවායෝ සිටිති. එක් අයෙකුට යන්නැ යි මා කී කල, ඔහු යයි; තව අයෙකුට එන්නැ යි කී කල, ඔහු එයි; මාගේ දාසයාට මෙය කරව යි කී කල, ඔහු එය කරයි.”
Sinhala Bile - Revised Old Version (SROV)
මක්නිසාද මමත් ආණ්ඩුබලයට යටත් මනුෂ්‍යයෙක්මි, මා යටතෙහිද හේවායෝ සිටිති. එක්කෙනෙකුට-යවයි මා කී කල ඔහු යන්නේය; තවත් කෙනෙකුට එවයි කී කල ඔහු එන්නේය; මාගේ දාසයාට-මේක කරවයි කී කල ඔහු ඒක කරන්නේයයි උන්වහන්සේට කියා යැවීය.
Sinhala SNRV (New Revised Version 2018)
මම ද බලය ලත් අය යටතෙහි සිටින මිනිසෙක්මි. මා යටතෙහි ද හේවායෝ සිටිති. එක් අයෙකුට යන්නැ යි මා කී කල, ඔහු යයි; තව අයෙකුට එන්නැ යි කී කල, ඔහු එයි; මාගේ දාසයාට මෙය කරව යි කී කල, ඔහු එය කරයි.”