Luke 8:10 — Compare Translations
4 translations compared side by side
Sinhala (SCV) 2020 (සිංහල කාලීන පරිවර්තනය)
එවිට උන්වහන්සේ, “දෙවියන්වහන්සේගේ රාජ්‍යයේ රහස් දැනගැනීමට ඔබට වර දී තිබේ. එහෙත් සෙසු අයට මා කතා කරන්නේ උපමා මඟිනි. ඒ, “ ‘පෙනි-පෙනීත් ඔවුන් නො දකින පිණිසත්, ඇසි-ඇසීත් ඔවුන්ට නො වැටහෙන පිණිසත්’ ය.
Sinhala Bile - New Revised Version (NRSV)
උන් වහන්සේ ඔවුන්ට මෙසේ වදාළ සේක: “දෙවියන් වහන්සේගේ රාජ්‍යයේ අබිරහස් පිළිබඳ අවබෝධය ඔබට දී ඇත. එහෙත්, දැක දැකත් නොදක්නා පිණිස ද අස අසාත් නොවටහාගන්නා පිණිස ද සෙසු අයට ඒවා උපමා මඟින් දෙනු ලැබේ.”
Sinhala Bile - Revised Old Version (SROV)
උන්වහන්සේ ඔවුන්ට කියනසේක්: දෙවියන්වහන්සේගේ රාජ්‍යයේ රහස් දැනගැනීම ඔබ සැමට දී තිබේ. නුමුත් දකිමින්ම නොදක්නා පිණිසත් අසමින්ම තේරුම් නොගන්නා පිණිසත් සෙස්සන්ට උපමාවලින් කියනු ලැබේ.
Sinhala SNRV (New Revised Version 2018)
උන් වහන්සේ ඔවුන්ට මෙසේ වදාළ සේක: “දෙවියන් වහන්සේගේ රාජ්‍යයේ අබිරහස් පිළිබඳ අවබෝධය ඔබට දී ඇත. එහෙත්, දැක දැකත් නොදක්නා පිණිස ද අස අසාත් නොවටහාගන්නා පිණිස ද සෙසු අයට ඒවා උපමා මඟින් දෙනු ලැබේ.”