Luke 8:23 — Compare Translations
4 translations compared side by side
Sinhala (SCV) 2020 (සිංහල කාලීන පරිවර්තනය)
ඔවුන් යාත්‍රා කරද්දී උන්වහන්සේ නිදන්නට වන් සේක. විල හරහා සැඩ කුණාටුවක් හැමූයෙන්, ඔරුව තුළට දිය පිරී එය ගිලෙන තරමට රැළි නැංගේ ය. තත්වය අනතුරුදායක විය.
Sinhala Bile - New Revised Version (NRSV)
ඔවුන් යාත්‍රා කරද්දී උන් වහන්සේ නිදාගත් සේක. එකල චණ්ඩ මාරුතයක් නැඟී විල මත හැමී ය; ඔරුවට වතුර පිරෙත් ම ඔව්හු මහ අනතුරකට පත් ව සිටියහ.
Sinhala Bile - Revised Old Version (SROV)
ඔවුන් යාත්‍රාකරද්දී උන්වහන්සේ නිදාගත්සේක. එකල මහත් කුණාටු හුළඟක් විලට පහත්වී ඒ පිට හැමුවේය; ඔරුවට වතුර පිරෙමින් ඔව්හු අන්තරායට පැමින්නෝය.
Sinhala SNRV (New Revised Version 2018)
ඔවුන් යාත්‍රා කරද්දී උන් වහන්සේ නිදාගත් සේක. එකල චණ්ඩ මාරුතයක් නැඟී විල මත හැමී ය; ඔරුවට වතුර පිරෙත් ම ඔව්හු මහ අනතුරකට පත් ව සිටියහ.