Luke 8:25 — Compare Translations

4 translations compared side by side

Sinhala (SCV) 2020 (සිංහල කාලීන පරිවර්තනය)
“කෝ! ඔබේ ඇදහිල්ල?” යි උන්වහන්සේ ඔවුන්ගෙන් ඇසූ සේක. බයින් ද විස්මයෙන් ද වෙළී ගිය ඔවුහු, “මොහු කවරෙක් ද? සුළඟට හා ජලයට පවා මොහු අණ දෙන කල ඒවා ද කීකරු වෙතැ” යි එකිනෙකාට පැවසූහ.
Sinhala Bile - New Revised Version (NRSV)
“ඔබේ ඇදහිල්ල කොයි දැ”යි උන් වහන්සේ ඔවුන්ගෙන් ඇසූ සේක. ඔව්හු බිය ව, විස්මයට පත් වී, “මේ මොන විධියේ කෙනෙක් ද? සුළඟට හා ජලයට පවා මෙ‍තුමාණෝ අණ දෙති; ඒවා ද කීකරු වන්නේ ය”යි එකිනෙකාට කියාගත්හ.
Sinhala Bile - Revised Old Version (SROV)
ඔබ සැමගේ ඇදහිල්ල කොයිදැයි උන්වහන්සේ ඔවුන්ට කීසේක. ඔව්හු භයව විස්මපත්වෙමින්: මුන්වහන්සේ කවුද? හුළඟටත් වතුරටත් අණකරන විට ඒවා පවා උන්වහන්සේට කීකරුවෙතියි කියා ඔවුනොවුන් කථාකළෝය.
Sinhala SNRV (New Revised Version 2018)
“ඔබේ ඇදහිල්ල කොයි දැ”යි උන් වහන්සේ ඔවුන්ගෙන් ඇසූ සේක. ඔව්හු බිය ව, විස්මයට පත් වී, “මේ මොන විධියේ කෙනෙක් ද? සුළඟට හා ජලයට පවා මෙ‍තුමාණෝ අණ දෙති; ඒවා ද කීකරු වන්නේ ය”යි එකිනෙකාට කියාගත්හ.