Luke 8:27 — Compare Translations
4 translations compared side by side
Sinhala (SCV) 2020 (සිංහල කාලීන පරිවර්තනය)
යේසුස්වහන්සේ වෙරළට පිය නගත්ම, නගරයේ සිට ආ යක්ෂාත්මාවේශ වූ මිනිහෙක් උන්වහන්සේට මුණ ගැසිණි. දිගු කලෙක පටන් ඇඳුමක් නො හැඳි ඔහු ගෙදරක නො වැස, සොහොන් ගෙවලම ලැග සිටියේ ය.
Sinhala Bile - New Revised Version (NRSV)
උන් වහන්සේ ගොඩ බසිත් ම, නුවරින් ආ දුෂ්ටාත්මාවේශ වූ මිනිසෙක් උන් වහන්සේට හමු විය. ඔහු බොහෝ කලක් ම නිර්වස්ත්‍ර ව, ගෙයක නොව, සොහොන් ගෙවල වාසය කෙළේ ය.
Sinhala Bile - Revised Old Version (SROV)
උන්වහන්සේ ගොඩබැස්ස කල, නුවරින් පිටවූ යක්ෂාවේශවූ මනුෂ්‍යයෙක් උන්වහන්සේට සම්බවුණේය; ඔහු බොහෝ කලක සිට ඇඳුම් නොහැඳ සිටියේය, ගෙයක නොව සොහොන් ගෙවල්හි විසුවේය.
Sinhala SNRV (New Revised Version 2018)
උන් වහන්සේ ගොඩ බසිත් ම, නුවරින් ආ දුෂ්ටාත්මාවේශ වූ මිනිසෙක් උන් වහන්සේට හමු විය. ඔහු බොහෝ කලක් ම නිර්වස්ත්‍ර ව, ගෙයක නොව, සොහොන් ගෙවල වාසය කෙළේ ය.