Malachi 1:2 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
“මම නුඹලාට ප්‍රේම කෙළෙමි”යි සමිඳාණන් වහන්සේ වදාරන සේක. “එහෙත්, ඔබ වහන්සේ අපට කෙසේ ප්‍රේම කළ සේක් දැ”යි නුඹලා අසන්නහු ය. සමිඳාණන් වහන්සේ පිළිතුරු දෙමින්, “ඒසව් හා ජාකොබ් සහෝදරයෝ නොවෙත් ද? එහෙත්, මම ජාකොබ්ට ප්‍රේම කෙළෙමි.
Sinhala Bile - Revised Old Version (SROV)
මම ඔබ සැමට ප්‍රේමකෙළෙමියි ස්වාමීන්වහන්සේ කියනසේක. එහෙත්: ඔබවහන්සේ අපට ප්‍රේමකළේ කුමකින්දැයි ඔබ සැම අසන්නහුය. ඒසව් යාකොබ්ගේ සහෝදරයා නොවේද? එහෙත් මම යාකොබ්ට ප්‍රේමකොට,
Sinhala SNRV (New Revised Version 2018)