Mark 10:21 — Compare Translations
4 translations compared side by side
Sinhala (SCV) 2020 (සිංහල කාලීන පරිවර්තනය)
යේසුස්වහන්සේ ඔහු දෙස බලා, ඔහුට ප්‍රේම කොට, “ඔබට තව එක් දෙයක් අඩුයි. ගොස්, ඔබ සතු හැම දෙයක්ම විකුණා, දිළිඳුන්ට දෙන්න. එවිට ඔබට ස්වර්ගීක ධනය අත්වනු ඇත. ඉන්පසු ඇවිත් මා අනුගමන කරන්නැ” යි පැවසූ සේක.
Sinhala Bile - New Revised Version (NRSV)
ජේසුස් වහන්සේ ඔහු දෙස බලා, ඔහු කෙරෙහි මෙත් සිත් වඩා, “ඔබට එක අඩු පාඩුවක් ඇත; යන්න, ඔබ සතු සියල්ල විකුණන්න; විකුණා දිළිඳුන්ට දෙන්න; ස්වර්ගයෙහි ඔබට සම්පත් ඇති වන්නේ ය. එන්න, මා අනුගාමී වන්නැ”යි ඔහුට වදාළ සේක.
Sinhala Bile - Revised Old Version (SROV)
යේසුස්වහන්සේ ඔහු දෙස බලා, ඔහුට ප්‍රේමකොට: ඔබට එකක් අඩුය. ගොස් ඔබ සන්තක සියල්ල විකුණා දිළිඳුන්ට දෙන්න, ස්වර්ගයෙහි ඔබට වස්තු ඇතිවන්නේය. ඔබ මා අනුව එන්නැයි ඔහුට කීසේක.
Sinhala SNRV (New Revised Version 2018)