Mark 10:23 — Compare Translations
4 translations compared side by side
Sinhala (SCV) 2020 (සිංහල කාලීන පරිවර්තනය)
යේසුස්වහන්සේ අවට සිසාරා බලා, තම ගෝලයින් අමතමින්, “ධනවතුන්ට දෙවියන්වහන්සේගේ රාජ්‍යයට ඇතුළු වීම කොතරම් අසීරු දැ!” යි පැවසූ සේක.
Sinhala Bile - New Revised Version (NRSV)
එවිට ජේසුස් වහන්සේ අවට බලා, “ධනවතුන්ට දෙවියන් වහන්සේගේ රාජ්‍යයට ඇතුළුවීම කොතරම් දුෂ්කර දැ”යි ශ්‍රාවකයන්ට වදාළ සේක.
Sinhala Bile - Revised Old Version (SROV)
එවිට යේසුස්වහන්සේ අවට බලා: ධනවන්තයන්ට දෙවියන්වහන්සේගේ රාජ්‍යයට ඇතුල්වීම කොපමණ අමාරුදැයි ගෝලයන්ට කීසේක.
Sinhala SNRV (New Revised Version 2018)
එවිට ජේසුස් වහන්සේ අවට බලා, “ධනවතුන්ට දෙවියන් වහන්සේගේ රාජ්‍යයට ඇතුළුවීම කොතරම් දුෂ්කර දැ”යි ශ්‍රාවකයන්ට වදාළ සේක.