Mark 10:51 — Compare Translations

4 translations compared side by side

Sinhala (SCV) 2020 (සිංහල කාලීන පරිවර්තනය)
“මගෙන් ඔබට කෙරෙන්න ඕනෑ කුමක් දැ?” යි යේසුස්වහන්සේ ඔහුගෙන් ඇසූ සේක. අන්ධ මිනිසා පිළිතුරු දෙමින්, “රබ්බී, මට යළි පෙනීම ලබන්නට ඕනෑ” යි කීවේ ය.
Sinhala Bile - New Revised Version (NRSV)
ජේසුස් වහන්සේ ඔහුට කතා කොට, “මා ඔබට කුමක් කර දෙනවාට ඔබ කැමැති දැ”යි ඔහුගෙන් ඇසූ සේක. “ගුරුදේවයෙනි, මට පෙනීම දුන මැනවැ”යි අන්ධයා උන් වහන්සේට කී ය.
Sinhala Bile - Revised Old Version (SROV)
යේසුස්වහන්සේ ඔහුට කථාකොට: මා විසින් ඔබට මක්කරනවාට ඔබ කැමතිදැයි ඔහුගෙන් ඇසූසේක. රබ්බෝනි, පෙනීම ලබාගන්ටයයි අන්ධයා උන්වහන්සේට කීයේය.
Sinhala SNRV (New Revised Version 2018)
ජේසුස් වහන්සේ ඔහුට කතා කොට, “මා ඔබට කුමක් කර දෙනවාට ඔබ කැමැති දැ”යි ඔහුගෙන් ඇසූ සේක. “ගුරුදේවයෙනි, මට පෙනීම දුන මැනවැ”යි අන්ධයා උන් වහන්සේට කී ය.