Mark 12:1 — Compare Translations

4 translations compared side by side

Sinhala (SCV) 2020 (සිංහල කාලීන පරිවර්තනය)
උන්වහන්සේ ඔවුන්ට උපමා මඟින් කතා කරන්නට පටන් ගෙන, “මිනිසෙක් මිදි වත්තක් වවා, එය වටකර තාප්පයක් බැඳ, මිදි මඬින මෝලක් සඳහා වළක් හාරා, මුර ටැඹක් ද තැනී ය. ඉන්පසු ඔහු ගොවීන්ට වත්ත බදු දී, පිට රටකට ගියේ ය.
Sinhala Bile - New Revised Version (NRSV)
ජේසුස් වහන්සේ ඔවුන්ට තවදුරටත් උපමා මඟින් කතා කරමින් මෙසේ වදාළ සේක: “එක් මිනිසෙක් මිදි වත්තක් වගා කොට, එය වටා වැටක් බැඳ, මිදි යන්ත්‍රයට වළක් කැණ, මුර අට්ටාලයක් ඉදි කොට, ගොවීන්ට අඳයට දී පිට රට ගියේ ය.
Sinhala Bile - Revised Old Version (SROV)
උන්වහන්සේ උපමාවලින් ඔවුන්ට කථාකරන්ට පටන්ගෙන: මනුෂ්‍යයෙක් මිදිවත්තක් වවා, වටේට වැට බැඳ, මිදියන්ත්‍රය සඳහා වළක් හාරා, කොතක් ගොඩනගා, ගොවීන්ට බදුදී, අන් රටකට ගියේය.
Sinhala SNRV (New Revised Version 2018)
ජේසුස් වහන්සේ ඔවුන්ට තවදුරටත් උපමා මඟින් කතා කරමින් මෙසේ වදාළ සේක: “එක් මිනිසෙක් මිදි වත්තක් වගා කොට, එය වටා වැටක් බැඳ, මිදි යන්ත්‍රයට වළක් කැණ, මුර අට්ටාලයක් ඉදි කොට, ගොවීන්ට අඳයට දී පිට රට ගියේ ය.