Mark 12:14 — Compare Translations

4 translations compared side by side

Sinhala (SCV) 2020 (සිංහල කාලීන පරිවර්තනය)
ඔවුහු පැමිණ උන්වහන්සේ අමතමින්, “ගුරුතුමනි, ඔබතුමා සත්‍යවාදී වූ, කිසිවකුගේ බලපෑමකට යටත් නො වන කෙනකු වග අප දන්නවා; මන්ද ඔබ මිනිසුන්ගේ තරාතිරම් නො බලන, දෙවියන්වහන්සේගේ මාර්ගය සත්‍යයට එකඟව උගන්වන කෙනෙක්. සීසර්ට බදු ගෙවීම නිත්‍යානුකූල ද? නැද්ද?
Sinhala Bile - New Revised Version (NRSV)
ඔව්හු අවුත්, “ගුරුදේවයෙනි, ඔබ අවංක මිනිසෙකු බවත්, කිසිවෙකු නොතකන බවත් අපි දනිමු; ඔබ මිනිසුන්ගේ තරාතිරම් නොබලා, දෙවියන් වහන්සේගේ මාර්ගය සැබෑ ලෙස උගන්වන සේක. සීසර් අධිරාජයාට බදු දීම යුතු ද අයුතු ද? දෙමු ද, නොදෙමු දැ”යි උන් වහන්සේගෙන් ඇසූ හ.
Sinhala Bile - Revised Old Version (SROV)
ඔව්හු ඇවිත්: ආචාරිනි, ඔබ සැබෑවූ කෙනෙකු බවත්, මනුෂ්‍යයන්ගේ තරාතිරම් නොබලන බැවින් කිසිවෙකුට භය නොවී දෙවියන්වහන්සේගේ මාර්ගය සැබෑ ලෙස උගන්වන බවත් දනීමුව. කායිසර්ට අයබදු දීම යුතුද අයුතුද?
Sinhala SNRV (New Revised Version 2018)