Mark 12:19 — Compare Translations

4 translations compared side by side

Sinhala (SCV) 2020 (සිංහල කාලීන පරිවර්තනය)
“ගුරුතුමනි, මෝසෙස් අපට ලියා දී ඇත්තේ, යමකුගේ සහෝදරයකු තම භාර්යාව ජීවත්ව සිටියදී දරු පල නො ලැබ මළොත්, ඒ මිනිසා එම වැන්දඹුව ආවාහ කරගෙන තම සහෝදරයා නමට දරු පල ලබා දිය යුතු වගයි.
Sinhala Bile - New Revised Version (NRSV)
“ගුරුදේවයෙනි, යමෙකුගේ සහෝදරයෙක් දරුවෙකු නොලැබ, සිය භාර්යාව ජීවත් ව සිටිය දී මියගියොත්, ඔහුගේ සහෝදරයා ඒ ස්ත්‍රිය පාවාගෙන සිය සහෝදරයාගේ නමට දරුවන් ඉපදවිය යුතු ය යි මෝසෙස් විසින් අපට අණ දී තිබේ.
Sinhala Bile - Revised Old Version (SROV)
ආචාරිනි, යමෙකුගේ සහෝදරයෙක් දරුවෙකු නොලැබ තමාගේ භාර්යාව සිටියදී මළොත් ඔහුගේ සහෝදරයා ඔහුගේ භාර්යාව පාවාගෙන තමාගේ සහෝදරයා නමට දරුවන් ඉපදවිය යුතුයයි මෝසෙස් විසින් අපට ලියාදී තිබේ.
Sinhala SNRV (New Revised Version 2018)
“ගුරුදේවයෙනි, යමෙකුගේ සහෝදරයෙක් දරුවෙකු නොලැබ, සිය භාර්යාව ජීවත් ව සිටිය දී මියගියොත්, ඔහුගේ සහෝදරයා ඒ ස්ත්‍රිය පාවාගෙන සිය සහෝදරයාගේ නමට දරුවන් ඉපදවිය යුතු ය යි මෝසෙස් විසින් අපට අණ දී තිබේ.