Mark 13:1 — Compare Translations
4 translations compared side by side
Sinhala (SCV) 2020 (සිංහල කාලීන පරිවර්තනය)
උන්වහන්සේ දේව මාලිගයෙන් නික්ම යද්දී, උන්වහන්සේගේ ගෝලයන්ගෙන් කෙනෙක්, උන්වහන්සේට, “බලන්න ගුරුතුමනි, මොන තරම් අපූරු ගල් ද! මොන තරම් අපූරු ගොඩනැගිලි දැ!” යි කීවේ ය.
Sinhala Bile - New Revised Version (NRSV)
උන් වහන්සේ දේව මාලිගාවෙන් නික්ම යද්දී ශ්‍රාවකයන්ගෙන් එක් කෙනෙක්, “ගුරුදේවයෙනි, බලන්න! මොන තරම් විශාල ගල් ද, මොන තරම් විශාල ගොඩනැඟිලි දැ!”යි උන් වහන්සේට කී ය.
Sinhala Bile - Revised Old Version (SROV)
උන්වහන්සේ දේවමාළිගාවෙන් පිටත්ව යද්දී උන්වහන්සේගේ ගෝලයන්ගෙන් එක්කෙනෙක්: ආචාරිනි, බැලුව මැනව, කොයි ආකාර ගල්ද, කොයි ආකාර ගොඩනැගිලිද! කියා උන්වහන්සේට කීයේය.
Sinhala SNRV (New Revised Version 2018)
උන් වහන්සේ දේව මාලිගාවෙන් නික්ම යද්දී ශ්‍රාවකයන්ගෙන් එක් කෙනෙක්, “ගුරුදේවයෙනි, බලන්න! මොන තරම් විශාල ගල් ද, මොන තරම් විශාල ගොඩනැඟිලි දැ!”යි උන් වහන්සේට කී ය.