Mark 14:1 — Compare Translations
4 translations compared side by side
Sinhala (SCV) 2020 (සිංහල කාලීන පරිවර්තනය)
පාස්කුවට හා නුමුහුන් රොටි උළෙලට තිබුණේ දවස් දෙකක් පමණි. නායක පූජකවරු හා දහම් පඬිවරු කූට උපායකින් උන්වහන්සේ අල්ලා, මරා දමන්නේ කෙසේදැයි සෙවූහ.
Sinhala Bile - New Revised Version (NRSV)
පාස්කුවට ද නුමුහුන් රොටි මංගල්‍යයට ද ඇත්තේ තව දෙදවසකි. නායක පූජකවරු ද විනයධරයෝ ද උන් වහන්සේ අල්ලා මැරීමට කපටි උපායක් සෙවූ හ.
Sinhala Bile - Revised Old Version (SROV)
පාස්කුවද මුහුන් නොදැමූ රොටි කන මංගල්‍යයද දෙදවසකට පසු පැමිණෙන්ට තිබුණේය. නායක පූජකයෝද ලියන්නෝද උන්වහන්සේ ප්‍රයෝගයෙන් අල්ලා මරන්නේ කෙසේද කියා සොයමින් සිටියෝය.
Sinhala SNRV (New Revised Version 2018)
පාස්කුවට ද නුමුහුන් පූප මංගල්‍යයට ද ඇත්තේ තව දෙදවසකි. නායක පූජකවරු ද විනයධරයෝ ද උන් වහන්සේ අල්ලා මැරීමට කපටි උපායක් සෙවූ හ.