Mark 14:12 — Compare Translations

4 translations compared side by side

Sinhala (SCV) 2020 (සිංහල කාලීන පරිවර්තනය)
පාස්කු බැටළුවා පූජා කළ නුමුහුන් රොටි උළෙලේ පළමු දවසේ උන්වහන්සේට කතා කළ ගෝලයෝ, “ඔබට පාස්කුව වැළඳීමට අප පිළියෙල කළ යුත්තේ කොතැනක දැ?” යි ඇසූහ.
Sinhala Bile - New Revised Version (NRSV)
පාස්කු බැටළු පෝතකයා පූජා කරනු ලබන, නුමුහුන් රොටි මංගල්‍යයේ පළමු වන දින උන් වහන්සේගේ ශ්‍රාවකයෝ, “පාස්කු භෝජනය වළඳන පිණිස අප ගොස් කොතැන පිළියෙළ කරනවාට ඔබ කැමැති සේක් දැ”යි උන් වහන්සේගෙන් ඇසූ හ.
Sinhala Bile - Revised Old Version (SROV)
පාස්කුව පූජාකරන මුහුන් නුමුසු රොටි කන පළමුවෙනි දවසේ උන්වහන්සේගේ ගෝලයෝ: ඔබ පාස්කුව කන පිණිස අප ගොස් කොතැන පිළියෙළ කරනවාට කැමතිසේක්දැයි උන්වහන්සේගෙන් ඇසුවෝය.
Sinhala SNRV (New Revised Version 2018)
පාස්කු බැටළු පෝතකයා පූජා කරනු ලබන, නුමුහුන් පූප මංගල්‍යයේ පළමු වන දින උන් වහන්සේගේ ශ්‍රාවකයෝ, “පාස්කු භෝජනය වළඳන පිණිස අප ගොස් කොතැන පිළියෙළ කරනවාට ඔබ කැමැති සේක් දැ”යි උන් වහන්සේගෙන් ඇසූ හ.