Mark 14:3 — Compare Translations
4 translations compared side by side
Sinhala (SCV) 2020 (සිංහල කාලීන පරිවර්තනය)
යේසුස්වහන්සේ, කුෂ්ඨ රෝගියා වූ බෙතානියේ සීමොන්ගේ නිවසේ මේසයට වාඩි වී සිටියදී, ස්ත්‍රියක් පවිත්‍ර නාඩ්වලින් සෑදූ ඉතා මිල අධික සුවඳ විලවුන් පිරුණු කිරිගරුඬ බඳුනක් ගෙනැවිත්, එය කඩා, උන්වහන්සේගේ හිසේ වත් කළා ය.
Sinhala Bile - New Revised Version (NRSV)
උන් වහන්සේ බෙතානියෙහි ලාදුරු රෝගී සීමොන්ගේ ගෙදර කෑමට හිඳගෙන සිටිය දී, එක් ස්ත්‍රියක් ඉතා අගනා සුපිරිසිදු සුවඳ විලවුන් පිරුණු කිරිගල් කරඬුවක් ගෙන’වුත්, එය බිඳ උන් වහන්සේගේ හිස මත ඒ සුවඳ විලවුන් වත් කළා ය.
Sinhala Bile - Revised Old Version (SROV)
උන්වහන්සේ බෙතානියෙහි කුෂ්ඨ රෝගීවු සීමොන්ගේ ගෙයි කෑමට ඉඳගෙන ඉඳද්දී ස්ත්‍රියෙක් ඉතා අනර්ඝවූ ජටාමාංස තෙලින් පිරූ සුදුගල් කරඬුවක් ගෙනැවිත්, ඒ කරඬුව බිඳ, උන්වහන්සේගේ හිසේ වත්කළාය.
Sinhala SNRV (New Revised Version 2018)