Mark 14:65 — Compare Translations
4 translations compared side by side
Sinhala (SCV) 2020 (සිංහල කාලීන පරිවර්තනය)
එවිට ඇතමෙක් උන්වහන්සේට කෙළ ගසන්නටත්, උන්වහන්සේගේ ඇස් බැඳ, අත්මිටින් පහර දෙමින්, “දිවැසින් කියනු” යි කීහ. මුර සෙබළු පහර දෙමින් උන්වහන්සේ භාර ගත්හ.
Sinhala Bile - New Revised Version (NRSV)
එකල ඇතැමෙක් උන් වහන්සේට කෙළ ගසන්නට ද උන් වහන්සේගේ මුහුණ වසා අතින් පහර දෙමින්, “ඉතින් දිවැසින් කියන්නැ”යි උන් වහන්සේට කියන්නට ද පටන්ගත්හ. මුර සේවකයෝ ද උන් වහන්සේ භාරගෙන, අතුල් පහර දුන්හ.
Sinhala Bile - Revised Old Version (SROV)
එකල සමහරෙක් උන්වහන්සේට කෙළගසන්ටත් උන්වහන්සේගේ මුහුණ වසා උන්වහන්සේට ගුටි ඇන: දිවස් කියන්නැයි උන්වහන්සේට කියන්ටත් පටන්ගත්තෝය. සේවකයෝද අතුල්පහර දී උන්වහන්සේ භාරගත්තෝය.
Sinhala SNRV (New Revised Version 2018)
එකල ඇතැමෙක් උන් වහන්සේට කෙළ ගසන්නට ද උන් වහන්සේගේ මුහුණ වසා අතින් පහර දෙමින්, “ඉතින් දිවැසින් කියන්නැ”යි උන් වහන්සේට කියන්නට ද පටන්ගත්හ. මුර සේවකයෝ ද උන් වහන්සේ භාරගෙන, අතුල් පහර දුන්හ.