Mark 15:14 — Compare Translations

4 translations compared side by side

Sinhala (SCV) 2020 (සිංහල කාලීන පරිවර්තනය)
පිලාත් ඔවුන්ට කතා කරමින්, “ඇයි? මොහු මොන අපරාධයක් කළාට දැ?” යි ඇසී ය. එහෙත් ඔවුහු, “ඔහු කුරුසියේ ඇණ ගසනු!” යි වඩ වඩා මොර ගසන්නට වූහ.
Sinhala Bile - New Revised Version (NRSV)
එකල පිලාත්: “කිමෙක් ද? මොහු කුමන අපරාධයක් කෙළේ දැ”යි ඔවුන්ගෙන් ඇසී ය. එහෙත් ඔව්හු “කුරුසියෙහි ඇණ ගසන්නැ”යි වැඩි වැඩියෙන් මොරගැසූ හ.
Sinhala Bile - Revised Old Version (SROV)
එකල පිලාත්: ඒ මන්ද? මොහු මොන නපුරක් කෙළේදැයි ඔවුන්ගෙන් ඇසුවේය. නුමුත් ඔව්හු: ඔහු කුරුසියෙහි ඇණගැසුව මැනවැයි අතිශයින් මොරගැසුවෝය.
Sinhala SNRV (New Revised Version 2018)
එකල පිලාත්: “කිමෙක් ද? මොහු කුමන අපරාධයක් කෙළේ දැ”යි ඔවුන්ගෙන් ඇසී ය. එහෙත් ඔව්හු “කුරුසියෙහි ඇණ ගසන්නැ”යි වැඩි වැඩියෙන් මොරගැසූ හ.