Mark 15:34 — Compare Translations

4 translations compared side by side

Sinhala (SCV) 2020 (සිංහල කාලීන පරිවර්තනය)
නව වන පැයේදී උස් හඬ නගා මොර ගැසූ යේසුස්වහන්සේ, “ඒලොයි, ඒලොයි ලාමා සබක්තානි?” යි පැවසූ සේක. එහි අරුත, “මාගේ දෙවියන්වහන්ස, මාගේ දෙවියන්වහන්ස, ඔබ මා අත්හැරියේ මන්ද?” යනුයි.
Sinhala Bile - New Revised Version (NRSV)
සවස තුනට ජේසුස් වහන්සේ, “එලොයි, එලොයි, ලාමා සබහ්(ත්)තානි” කියා මහ හඬින් මොරගැසූ සේක. එහි අර්ථය, “මාගේ දෙවි‍යනි, මාගේ දෙවි‍යනි, ඔබ මා අත් හැරියේ මක්නිසා ද?” යනුයි.
Sinhala Bile - Revised Old Version (SROV)
නවවෙනි පැයේදී යේසුස්වහන්සේ: එලොයි, එලොයි, ලාමා සබක්තානි කියා මහත් හඬින් මොරගැසූසේක. එහි අර්ථය නම්, මාගේ දෙවියනි, මාගේ දෙවියනි, ඔබ මා අත්හැරියේ මක්නිසාද යනුය.
Sinhala SNRV (New Revised Version 2018)
සවස තුනට ජේසුස් වහන්සේ, “එලොයි, එලොයි, ලාමා සබහ්(ත්)තානි” කියා මහ හඬින් මොරගැසූ සේක. එහි අර්ථය, “මාගේ දෙවි‍යනි, මාගේ දෙවි‍යනි, ඔබ මා අත් හැරියේ මක්නිසා ද?” යනුයි.