Mark 15:46 — Compare Translations
4 translations compared side by side
Sinhala (SCV) 2020 (සිංහල කාලීන පරිවර්තනය)
යෝසෙප් සිහින් හණ රෙද්දක් මිලට ගෙන අවුත්, උන්වහන්සේගේ දේහය බිමට බාවා, එම හණ රෙද්දෙන් ඔතා, පර්වතයක් කැණ සකසා තිබූ සොහොනක දේහය තැන්පත් කළේ ය. ඔහු ලෙන් පිවිසුමට මහත් ගලක් පෙරළා දොරකඩ වැසී ය.
Sinhala Bile - New Revised Version (NRSV)
ඔහු හණ රෙද්දක් මිලට ගෙන, උන් වහන්සේ පහතට බා, ඒ රෙද්දෙන් ඔතා, පර්වතයෙහි කණින ලද සොහොන් ගැබක තබා, දොරකඩට ගලක් පෙරළා තැබී ය.
Sinhala Bile - Revised Old Version (SROV)
ඔහු හණ රෙද්දක් මිලේට ගෙන, උන්වහන්සේ බාගෙන ඒ රෙද්දෙහි ඔතා, පර්වතයක කපනලද සොහොන්ගෙයක තබා, එහි දොරකඩට ගලක් පෙරළා තැබුවේය.
Sinhala SNRV (New Revised Version 2018)
ඔහු හණ රෙද්දක් මිලට ගෙන, උන් වහන්සේ පහතට බා, ඒ රෙද්දෙන් ඔතා, පර්වතයෙහි කණින ලද සොහොන් ගැබක තබා, දොරකඩට ගලක් පෙරළා තැබී ය.