Mark 2:22 — Compare Translations
4 translations compared side by side
Sinhala (SCV) 2020 (සිංහල කාලීන පරිවර්තනය)
එමෙන්ම කිසිවකු අලුත් මිදි යුෂ පැරණි සම් මලුවල දමන්නේ නැත. එසේ දැමුවහොත්, අලුත් මිදි යුෂ සැරට සම් මලු පැළී මිදි යුෂත්, සම් මලුත් අපතේ යයි. අලුත් මිදි යුෂ දමන්නේ අලුත් සම් මලුවල යැ” යි පැවසූ සේක.
Sinhala Bile - New Revised Version (NRSV)
අලුත් මිදියුස පැරණි සම් බඳුන්වල වක්කරන කිසිවෙක් නැත. එසේ කළොත්, මිදියුසින් සම් බඳුන් පැළී, මිදියුසත් බඳුනුත් දෙක ම නැති වේ. නව මිදියුස දැමිය යුත්තේ නව බඳුන්වලට ම ය.”
Sinhala Bile - Revised Old Version (SROV)
තවද කිසිවෙක් අලුත් මුද්‍රිකපානය පරණ සම්භාජනවල වත් නොකරයි; වත්කළොත් මුද්‍රිකපානයෙන් සම්භාජන පැළී, මුද්‍රිකපානයත් භාජනත් නාස්තිවන්නේය. නුමුත් අලුත් මුද්‍රිකපානය අලුත් සම්භාජනවල වත්කරතියි කීසේක.
Sinhala SNRV (New Revised Version 2018)
අලුත් මිදියුස පැරණි සම් බඳුන්වල වක්කරන කිසිවෙක් නැත. එසේ කළොත්, මිදියුසින් සම් බඳුන් පැළී, මිදියුසත් බඳුනුත් දෙක ම නැති වේ. නව මිදියුස දැමිය යුත්තේ නව බඳුන්වලට ම ය.”