Mark 5:13 — Compare Translations

4 translations compared side by side

Sinhala (SCV) 2020 (සිංහල කාලීන පරිවර්තනය)
උන්වහන්සේ ඊට අවසර දුන් කල, අශුද්ධාත්මයෝ පිටතට අවුත්, ඌරු රැළට වැහුණහ. ගණනින් දෙදහසක් පමණ වූ ඌරු රැළ බෑවුම පහළට වේගයෙන් දුව ගොස්, මුහුදේ ගිලී, මළෝ ය.
Sinhala Bile - New Revised Version (NRSV)
උන් වහන්සේ අවසර දුන් සේක. අශුද්ධාත්මයෝ නික්ම අවුත් ඌරන්ට වැහුණෝ ය. දෙ දහසක් පමණ වූ ඒ ඌරු රැළ ප්‍රපාතයෙන් පහත මුහුදට වේගයෙන් දිව ගොස් මුහුදේ ගිලී මළෝ ය.
Sinhala Bile - Revised Old Version (SROV)
උන්වහන්සේ ඔවුන්ට අවසරදුන්සේක. අශුද්ධාත්මයන් නික්ම ගොස් ඌරන්ට වැහුණු කල, දෙදහසක් පමණවූ ඒ ඌරු රැළ ප්‍රපාතය පහළට වේගයෙන් දුව ගොස් මුහුදේ වැටී ගිලී මළෝය.
Sinhala SNRV (New Revised Version 2018)
උන් වහන්සේ අවසර දුන් සේක. අශුද්ධාත්මයෝ නික්ම අවුත් ඌරන්ට වැහුණෝ ය. දෙ දහසක් පමණ වූ ඒ ඌරු රැළ ප්‍රපාතයෙන් පහත මුහුදට වේගයෙන් දිව ගොස් මුහුදේ ගිලී මළෝ ය.