Mark 5:19 — Compare Translations

4 translations compared side by side

Sinhala (SCV) 2020 (සිංහල කාලීන පරිවර්තනය)
ඊට අවසර නුදුන් යේසුස්වහන්සේ ඔහු අමතමින්, “ඔබේ මිතුරන් වෙත ගෙදර ගොස්, ස්වාමින්වහන්සේ ඔබට මොන තරම් දෙයක් කළ සේක් ද කියාත්, උන්වහන්සේ ඔබ කෙරෙහි පෑ දයාව කොතෙක් ද කියාත් ඔවුන්ට කියන්නැ” යි පැවසූ සේක.
Sinhala Bile - New Revised Version (NRSV)
උන් වහන්සේ ඊට අවසර නුදුන් සේක. “එහෙත්, ඔබ ගෙදර නෑ මිතුරන් වෙත ගොස්, සමිඳාණන් වහන්සේ ඔබට කොතරම් මහත් දේ කළ සේක් ද කොතරම් අනුකම්පාව පෙන්වූ සේක් ද කියා ඔවුන්ට දන්වන්නැ”යි වදාළ සේක.
Sinhala Bile - Revised Old Version (SROV)
නුමුත් උන්වහන්සේ ඔහුට අවසර නොදී: ඔබ ගෙදර ඔබේ නෑ මිතුරන් ළඟට ගොස්, ස්වාමීන්වහන්සේ ඔබට කොපමණ මහත් දේවල් කළසේක්ද කියාත් උන්වහන්සේ ඔබට කරුණාකළ හැටිත් ඔවුන්ට දන්වන්නැයි ඔහුට කීසේක.
Sinhala SNRV (New Revised Version 2018)
උන් වහන්සේ ඊට අවසර නුදුන් සේක. “එහෙත්, ඔබ ගෙදර නෑ මිතුරන් වෙත ගොස්, සමිඳාණන් වහන්සේ ඔබට කොතරම් මහත් දේ කළ සේක් ද කොතරම් අනුකම්පාව පෙන්වූ සේක් ද කියා ඔවුන්ට දන්වන්නැ”යි වදාළ සේක.