Mark 6:2 — Compare Translations

4 translations compared side by side

Sinhala (SCV) 2020 (සිංහල කාලීන පරිවර්තනය)
සබතේදී උන්වහන්සේ සිනගෝගයට ගොස්, ඉගැන්වීමට පටන් ගත් සේක. ඒ ඇසූ බොහෝ දෙනෙක් විස්මිත වූහ. “කොහෙන් ද මේ මිනිසා මේ දෑ ලබා ගත්තේ? කුමක් ද මොහුට දී ඇති මේ ප්‍රඥාව? මොහු අතින් කරන බලවත් ක්‍රියා කෙසේ ද?
Sinhala Bile - New Revised Version (NRSV)
එය සබත් දින වූයෙන් උන් වහන්සේ ධර්මශාලාවෙහි උගන්වන්න පටන්ගත් සේක. උන් වහන්සේට සවන් දුන් සමූහයා විස්මිත ව, “මොහුට මේ දේවල් පහළ වූයේ කොහෙන් ද? මොහුට දී තිබෙන මේ ප්‍රඥාව කිමෙක් ද? මොහු අතින් කරනු ලබන හාස්කම් කවරේ ද?
Sinhala Bile - Revised Old Version (SROV)
සබත් දවස පැමිණි කල උන්වහන්සේ සිනගෝගයෙහි උගන්වන්ට පටන්ගත්සේක. බොහෝ දෙනෙක් ඒ අසා මවිතව: මොහුට මේ දේවල් කොයින්ද? මොහුට දී තිබෙන මේ ප්‍රඥාව කිමෙක්ද? මොහුගේ අතින් කරනලද බලවත් ක්‍රියාවලින් හැඟෙන්නේ කිමෙක්ද?
Sinhala SNRV (New Revised Version 2018)