Mark 6:31 — Compare Translations

4 translations compared side by side

Sinhala (SCV) 2020 (සිංහල කාලීන පරිවර්තනය)
ඔවුන් ඇමතූ උන්වහන්සේ, “ඔබ පමණක් මා සමඟ හුදෙකලා තැනකට ඇවිත් මඳක් විවේක ගන්නැ” යි කී සේක. මන්ද සමූහයා නිතරම යමින් එමින් සිටි හෙයින්, අහර ගැනීමටවත් අවකාශයක් ඔවුන්ට නො වීය.
Sinhala Bile - New Revised Version (NRSV)
එවිට උන් වහන්සේ කතා කරමින්, “ඔබ පමණක් වෙන් ව, හුදකලා තැනකට අවුත් මඳ වේලාවක් විවේක ගන්නැ”යි ඔවුන්ට වදාළ සේක. එසේ කීවේ, ඔවුන්ට කෑම කන්න වත් අවකාශයක් නැති තරමට යන එන අය බොහෝ වූ බැවිනි.
Sinhala Bile - Revised Old Version (SROV)
එවිට උන්වහන්සේ: ඔබ සැම පමණක් වනාන්තර ස්ථානයකට ඇවිත් ටිකක් පහසු ගන්නැයි ඔවුන්ට කීසේක. මක්නිසාදයත් ඔවුන්ට කෑම කන්ටවත් අවකාශ නැති තරමට එන්නෝ යන්නෝ බොහෝ වූවෝය.
Sinhala SNRV (New Revised Version 2018)
එවිට උන් වහන්සේ කතා කරමින්, “ඔබ පමණක් වෙන් ව, හුදකලා තැනකට අවුත් මඳ වේලාවක් විවේක ගන්නැ”යි ඔවුන්ට වදාළ සේක. එසේ කීවේ, ඔවුන්ට කෑම කන්න වත් අවකාශයක් නැති තරමට යන එන අය බොහෝ වූ බැවිනි.