Mark 6:48 — Compare Translations
4 translations compared side by side
Sinhala (SCV) 2020 (සිංහල කාලීන පරිවර්තනය)
ගෝලයින් ඔරුව පැදීමට වෙහෙස දරන වග උන්වහන්සේ දුටු සේක; මන්ද සුළඟ හැමුවේ ඔවුන්ට එරෙහිව ය. රාත්‍රි හතර වන යාමයේ උන්වහන්සේ මුහුද මත ඇවිදගෙන, ඔවුන් වෙත ආ සේක. උන්වහන්සේ ඔවුන් පසුකර යන්නට වූ කල,
Sinhala Bile - New Revised Version (NRSV)
සුළඟ ඔවුන්ට විරුද්ධ ව හැමූ බැවින්, ඔවුන් ඔරු පැදීමෙන් වෙහෙසෙනු දුටු උන් වහන්සේ, රෑ සතර වැනි යාමය පමණේ දී මුහුද පිට ඇවිදිමින් ම ඔවුන් වෙත අවුත් ඔවුන් පසු කර යන්න තැත් කළ සේක.
Sinhala Bile - Revised Old Version (SROV)
සුළඟ ඔවුන්ට විරුද්ධව තිබුණු බැවින් ඔවුන් ඔරුව පැදීමෙන් හිරිහැර විඳිනවා උන්වහන්සේ දැක, රෑ සතරවෙනි යාමය පමණේදී ඔවුන් වෙතට මුහුද පිට පයින් යමින්, ඔවුන් පසුකර යන්ට හැදූසේක.
Sinhala SNRV (New Revised Version 2018)
සුළඟ ඔවුන්ට විරුද්ධ ව හැමූ බැවින්, ඔවුන් ඔරු පැදීමෙන් වෙහෙසෙනු දුටු උන් වහන්සේ, රෑ සතර වැනි යාමය පමණේ දී මුහුද පිට ඇවිදිමින් ම ඔවුන් වෙත අවුත් ඔවුන් පසු කර යන්න තැත් කළ සේක.