Mark 7:4 — Compare Translations
4 translations compared side by side
Sinhala (SCV) 2020 (සිංහල කාලීන පරිවර්තනය)
තවද වෙළඳ පොළේ සිට ආ විටෙක සෝදා මිස, ඔවුන් අහර ගන්නේ නැත. කෝප්ප, වළං හා ලෝහ භාජන සේදීම වැනි ඔවුන් පිළිපදින තවත් සම්ප්‍රදායයන් බොහොමයක් වෙයි.
Sinhala Bile - New Revised Version (NRSV)
වෙළඳ පොළේ සිට ආ විට, ධෝවනය නිමවා මිස, ඔව්හු කෑමට නොයති. ඔවුන් පිළිපැදීමට බැඳී සිටින තවත් බොහෝ සම්ප්‍රදායයන් ඇත. එනම්, පිඟන්, කළගෙඩි සහ ලෝකඩ හැළිවළං සේදීම ය.
Sinhala Bile - Revised Old Version (SROV)
කඩේ සිට ආවාම තමුන්ම සෝදාගන මිස ඔව්හු කෑම නොකති. ඔවුන් විසින් රක්ෂාකරන්ට පිළිගෙන තිබෙන වෙනත් බොහෝ දේ ඇත, එනම් කුසලාන් කළගෙඩි සහ පිත්තල භාජන සේදීමය.
Sinhala SNRV (New Revised Version 2018)
වෙළඳ පොළේ සිට ආ විට, ධෝවනය නිමවා මිස, ඔව්හු කෑමට නොයති. ඔවුන් පිළිපැදීමට බැඳී සිටින තවත් බොහෝ සම්ප්‍රදායයන් ඇත. එනම්, පිඟන්, කළගෙඩි සහ ලෝකඩ හැළිවළං සේදීම ය.