Mark 8:31 — Compare Translations
4 translations compared side by side
Sinhala (SCV) 2020 (සිංහල කාලීන පරිවර්තනය)
ඉන්පසු උන්වහන්සේ, මනුෂ්‍ය පුත්‍රයා බොහෝ දුක් විඳින්නටත්, වැඩිහිටියන් ද නායක පූජකයින් ද දහම් පඬිවරුන් ද විසින් ප්‍රතික්ෂේප කරනු ලබන්නටත්, මරනු ලබන්නටත්, තුන් දවසකට පසු, නැවත නැගිටින්නටත් යුතුව ඇති වග ඔවුන්ට උගන්වන්නට වන් සේක.
Sinhala Bile - New Revised Version (NRSV)
එවිට උන් වහන්සේ මනුෂ්‍ය-පුත්‍රයාණන් බොහෝ දුක් වේදනා විඳින්නටත්, ප්‍රජා මූලිකයන් ද නායක පූජකයන් ද විනයධරයන් ද විසින් ප්‍රතික්ෂේප කරනු ලබන්නටත් මරනු ලබන්නටත්, තෙ දිනකට පසු නැවත නැඟිටින්නටත් නියම බව ඔවුන්ට උගන්වන්න පටන්ගත් සේක.
Sinhala Bile - Revised Old Version (SROV)
එවිට උන්වහන්සේ මනුෂ්‍ය පුත්‍රයා බොහෝ දේ විඳින්ටත්, ප්‍රධානීන්ද නායක පූජකයන්ද ලියන්නන්ද විසින් එපාකරනු ලබන්ටත්, මරනු ලබන්ටත්, තුන් දවසකට පසු නැවත නැගිටින්ටත් ඕනෑ බව ඔවුන්ට උගන්වන්ට පටන්ගත්සේක.
Sinhala SNRV (New Revised Version 2018)