Mark 9:12 — Compare Translations

4 translations compared side by side

Sinhala (SCV) 2020 (සිංහල කාලීන පරිවර්තනය)
උන්වහන්සේ පිළිතුරු දෙමින්, “සැබවින් ම එලියා පළමුවෙන් පැමිණ සියල්ල යළි පිහිටුවයි. එසේ නම්, මනුෂ්‍ය පුත්‍රයා බොහෝ වේදනා විඳිය යුතු වගත්, ප්‍රතික්ෂේප කොට සලකනු ලැබිය යුතු වගත් ලියා ඇත්තේ කොහොම ද?
Sinhala Bile - New Revised Version (NRSV)
උන් වහන්සේ කතා කොට, “එසේ ය, එලියා පළමුවෙන් පැමිණ සියල්ල නිසි ලෙස පිළියෙළ කරනු ඇත. මනුෂ්‍ය-පුත්‍රයාණන් බොහෝ දුක් වේදනා විඳින්ටත්, නිග්‍රහ ලබන්නත් යුතු ය යි ඔහු ගැන සඳහන් ව තිබෙන්නේ කෙසේ ද?
Sinhala Bile - Revised Old Version (SROV)
උන්වහන්සේ කථාකොට: එලියා පළමුවෙන් ඇවිත් සියල්ල නැවත පිහිටුවන්නේමය. මනුෂ්‍ය පුත්‍රයා බොහෝ දේ විඳින්ටත් සුළුකරනු ලබන්ටත් ඕනෑයයි ඔහු ගැනත් ලියා තිබෙන්නේ කෙලෙසද?
Sinhala SNRV (New Revised Version 2018)
උන් වහන්සේ කතා කොට, “එසේ ය, එලියා පළමුවෙන් පැමිණ සියල්ල නිසි ලෙස පිළියෙළ කරනු ඇත. මනුෂ්‍ය-පුත්‍රයාණන් බොහෝ දුක් වේදනා විඳින්ටත්, නිග්‍රහ ලබන්නත් යුතු ය යි ඔහු ගැන සඳහන් ව තිබෙන්නේ කෙසේ ද?