Mark 9:25 — Compare Translations

4 translations compared side by side

Sinhala (SCV) 2020 (සිංහල කාලීන පරිවර්තනය)
සමූහයා එක්ව දුවගෙන එනු දුටු යේසුස්වහන්සේ, අපවිත්‍ර ආත්මයට තරවටු කරමින්, “ගොළු බිහිරි ආත්මය, මොහුගෙන් ඉවතට එනු; යළි කිසි දින ඔහුට ඇතුළු නො වනු කියා මම නුඹට අණ කරමි” යි පැවසූ සේක.
Sinhala Bile - New Revised Version (NRSV)
සමූහයා එක් ව දුවගෙන එන බව ජේසුස් වහන්සේ දුටු කල උන් වහන්සේ අශුද්ධාත්මයට තරවටු කොට, “ගොළු බිහිරි ආත්මය, මොහු කෙරෙන් දුරු වෙව, තවත් මොහුට ආවේශ නොවන්නට තට අණ දෙමි”යි වදාළ සේක.
Sinhala Bile - Revised Old Version (SROV)
සමූහයක් දුව එමින් රැස්වෙන බව යේසුස්වහන්සේ දුටු කල, උන්වහන්සේ අශුද්ධාත්මයට තරවටුකර: ගොළු බිහිරි ආත්මය, මොහු කෙරෙන් පහව යව, තවත් මොහුට ආවේශ නොවන්ට ඔබට අණකරමියි කීසේක.
Sinhala SNRV (New Revised Version 2018)
සමූහයා එක් ව දුවගෙන එන බව ජේසුස් වහන්සේ දුටු කල උන් වහන්සේ අශුද්ධාත්මයට තරවටු කොට, “ගොළු බිහිරි ආත්මය, මොහු කෙරෙන් දුරු වෙව, තවත් මොහුට ආවේශ නොවන්නට තට අණ දෙමි”යි වදාළ සේක.