Matthew 11:23 — Compare Translations
4 translations compared side by side
Sinhala (SCV) 2020 (සිංහල කාලීන පරිවර්තනය)
එම්බා කපර්ණවුම, නුඹ ස්වර්ගය දක්වා උසස් කරනු ලැබේ ද? නැත! නුඹ පාතාලය දක්වා පහත් කරනු ලබනු ඇත. නුඹ තුළ සිදු කළ බලවත් ක්‍රියා සොදොම් තුළ කරන ලද්දේ වී නම්, එය අද දක්වාමත් පවතින්ට තිබිණි.
Sinhala Bile - New Revised Version (NRSV)
එම්බා කපර්ණවුම, ඔබ සගලොව දක්වා උසස් කරනු ලබන්නෙහි ද? නැත, පාතාලය දක්වා පහත හෙළනු ලබන්නෙහි ය. ඔබ තුළ කරන ලද ප්‍රබල ක්‍රියා සොදොම්හි කරන ලද්දේ නම්, එය අද වන තුරු පවතිනු ඇත.
Sinhala Bile - Revised Old Version (SROV)
එම්බා කපර්ණවුම, ඔබ ස්වර්ගය දක්වා උසස්කරනු ලබන්නීද? ඔබ පාතාලය දක්වා පහළට හෙළනු ලබන්නීය. ඔබ ඇතුළේ කරනලද ආශ්චර්ය ක්‍රියා සොදොම් ඇතුළේ කරනලද්දේ නම්, අද දක්වා ඒක පවතිනවා ඇත.
Sinhala SNRV (New Revised Version 2018)
එම්බා කපර්ණවුම, ඔබ සගලොව දක්වා උසස් කරනු ලබන්නෙහි ද? නැත, පාතාලය දක්වා පහත හෙළනු ලබන්නෙහි ය. ඔබ තුළ කරන ලද ප්‍රබල ක්‍රියා සොදොම්හි කරන ලද්දේ නම්, එය අද වන තුරු පවතිනු ඇත.