Matthew 20:23 — Compare Translations

4 translations compared side by side

Sinhala (SCV) 2020 (සිංහල කාලීන පරිවර්තනය)
එවිට යේසුස්වහන්සේ, “සැබවින් ම ඔබ මගේ කුසලාන පානය කරනු ඇත. එහෙත් මගේ දකුණු පස හෝ වම් පස හෝ හිඳ ගැනීමට දීම මා සතුවූවක් නො වේ. මාගේ පියාණන්වහන්සේ කවරකු සඳහා ඒවා පිළියෙල කරන ලද සේක් ද ඒවා අයිති ඔවුනට යැ” යි පැවසූ සේක.
Sinhala Bile - New Revised Version (NRSV)
උන් වහන්සේ ඔවුන්ට කතා කොට, “සැබැවින් ඔබ මාගේ කුසලානෙන් බොන්නහු ය. එහෙත් මාගේ දකුණු පසෙහි ද වම් පසෙහි ද හිඳගන්න දීම මා සතු දෙයක් නොවේ. මාගේ පියාණන් විසින් ඒවා යම් අය සඳහා නියම කරන ලද්දේ ද ඒවා අයිති ඔවුන්ට ය”යි වදාළ සේක.
Sinhala Bile - Revised Old Version (SROV)
උන්වහන්සේ ඔවුන්ට කථාකොට: ඒකාන්තයෙන් ඔබ සැම මාගේ කුසලානෙන් බොන්නහුය. නුමුත් මාගේ දකුණු පැත්තේද වම් පැත්තේද ඉන්ට දීම මට අයිති නැත, එහෙත් මාගේ පියාණන් විසින් ඒවා යමෙකුට නියමකරනලද්දේද ඔවුන්ටයයි කීසේක.
Sinhala SNRV (New Revised Version 2018)