Matthew 21:19 — Compare Translations
4 translations compared side by side
Sinhala (SCV) 2020 (සිංහල කාලීන පරිවර්තනය)
මග අසල වූ අත්තික්කා ගහක් දුටු උන්වහන්සේ එතැනට ගිය නමුදු, එහි කොළ මිස, අන් කිසිවක් නො වීය. එවිට උන්වහන්සේ, “යළි කිසි දින පල දැරීමක් නුඹට නො වෙත්වා!” යි ඒ ගසට කී සේක. එකෙණෙහිම ඒ ගස වියළී ගියේ ය.
Sinhala Bile - New Revised Version (NRSV)
උන් වහන්සේ පාර අද්දර තිබුණු අත්තික්කා ගසක් දැක, ළඟට ගොස්, එහි කොළ මිස අන් කිසිවක් නොදැක, “මෙතැන් පටන් කිසි කලෙක තාගෙන් පලදාවක් නො වේ වා”යි ඒ ගසට වදාළ සේක. අත්තික්කා ගස ඒ ඇසිල්ලෙහි ම වියළී ගියේ ය.
Sinhala Bile - Revised Old Version (SROV)
උන්වහන්සේ පාර අද්දර තිබෙන අත්තික්කා ගහක් දැක ළඟට ගොස්, එහි කොළ මිස වෙන කිසිවක් නොදැක: මෙතැන් පටන් කිසිකලක ඔබෙන් ඵල හට නොගනීවයි ඒ ගහට කීසේක. අත්තික්කා ගහ වහාම වියළුණේය.
Sinhala SNRV (New Revised Version 2018)
උන් වහන්සේ පාර අද්දර තිබුණු අත්තික්කා ගසක් දැක, ළඟට ගොස්, එහි කොළ මිස අන් කිසිවක් නොදැක, “මෙතැන් පටන් කිසි කලෙක තාගෙන් පලදාවක් නො වේ වා”යි ඒ ගසට වදාළ සේක. අත්තික්කා ගස ඒ ඇසිල්ලෙහි ම වියළී ගියේ ය.