Matthew 21:24 — Compare Translations
4 translations compared side by side
Sinhala (SCV) 2020 (සිංහල කාලීන පරිවර්තනය)
යේසුස්වහන්සේ පිළිතුරු දෙමින්, “මමත් ඔබෙන් එක ප්‍රශ්නයක් අහන්නම්; ඔබ පිළිතුරු දුන්නොත්, මා මේ දේවල් කරන්නේ කවර අධිකාරිත්වයකින් ද කියා මම ඔබට කියන්නම්;
Sinhala Bile - New Revised Version (NRSV)
ජේසුස් වහන්සේ උත්තර දෙමින්, “මමත් ඔබගෙන් ප්‍රශ්නයක් විචාරමි. ඔබ එය මට කියන්නහු නම්, මේ දේවල් කරන්නේ කුමන අධිකාරි බලයකින් දැ යි මමත් ඔබට කියමි.
Sinhala Bile - Revised Old Version (SROV)
යේසුස්වහන්සේ උත්තරදෙමින්: මමත් ඔබ සැමගෙන් එක ප්‍රශ්නයක් අසමි-ඔබ සැම ඒක මට කියන්නහුනම් මමද මේ කාරණා අසවල් බලයෙන් කරමියි ඔබ සැමට එසේම කියන්නෙමි.
Sinhala SNRV (New Revised Version 2018)
ජේසුස් වහන්සේ උත්තර දෙමින්, “මමත් ඔබගෙන් ප්‍රශ්නයක් විචාරමි. ඔබ එය මට කියන්නහු නම්, මේ දේවල් කරන්නේ කුමන අධිකාරි බලයකින් දැ යි මමත් ඔබට කියමි.