Matthew 23:16 — Compare Translations

4 translations compared side by side

Sinhala (SCV) 2020 (සිංහල කාලීන පරිවර්තනය)
“මගපෙන්වන අන්ධයිනි, නුඹලාට වන විපතක මහත! ‘යමෙක්, දේව මාලිගය-පල්ල කියා දිවුළහොත්, එය ගණන් නො ගැනේ’ කියා ද එහෙත්, ‘දේව මාලිගයේ රත්රන්-පල්ල කියා දිවුළහොත් ඒ දිවිරීමෙන් ඔහු බැඳේ ය’ කියා ද නුඹලා කියති.
Sinhala Bile - New Revised Version (NRSV)
“අන්ධ මාර්ගෝපදේශකයෙනි, ඔබට වන විපතක මහත! මන්ද, ‘යමෙකු දේව මාලිගාවේ නාමයෙන් දිවුළොත් එහි කිසි වරදක් නැත කියා ද, යමෙකු දේව මාලිගාවේ රන්වල නාමයෙන් දිවුළොත්, ඒ දිවුරුමෙන් ඔහු බැඳී සිටි’යි කියා ද ඔබ කියන්නහු ය.
Sinhala Bile - Revised Old Version (SROV)
අන්ධවූ මග පෙන්වන්නෙනි, ඔබ සැමට දුක්වේ! මක්නිසාද: යමෙක් දේවමාළිගාව ගැන දිවුළොත් එයින් කාරියක් නැත කියාද යමෙක් දේවමාළිගාවේ රන් ගැන දිවුළොත් ඔහු බැඳී සිටීය කියාද ඔබ සැම කියන්නෝය.
Sinhala SNRV (New Revised Version 2018)