Matthew 23:34 — Compare Translations

4 translations compared side by side

Sinhala (SCV) 2020 (සිංහල කාලීන පරිවර්තනය)
එබැවින් මෙන්න මම දිවැසිවරුන් ද නැණවතුන් ද ගුරුවරුන් ද නුඹලා වෙත එවමි. නුඹලා ඔවුන්ගෙන් ඇතමකු මරා දමනු ඇත; ඇතමකු කුරුසිපත් කරනු ඇත. සෙසු අයට නුඹලාගේ සිනගෝගවලදී තළා, නගරයෙන් නගරයට ඔවුන් ලුහුබඳිනු ඇත.
Sinhala Bile - New Revised Version (NRSV)
එබැවින් මම දිවැසිවරයන් ද ප්‍රඥාවන්තයන් ද විනයධරයන් ද ඔබ වෙතට එවමි. ඔබ ඔවුන්ගෙන් ඇතමෙකු මරන්නහු ය; ඇතමෙකු කුරුසියෙහි ඇණ ගසන්නහු ය; ඇතමෙකුට ඔබගේ ධර්මශාලාවල දී තළා, ඔවුන් නුවරින් නුවරට පලවා හරින්නහු ය.
Sinhala Bile - Revised Old Version (SROV)
එබැවින් මම අනාගතවක්තෘවරුන්ද ප්‍රඥාවන්තයන්ද ලියන්නන්ද ඔබ සැම ළඟට එවමි. ඔබ සැම ඔවුන්ගෙන් සමහරෙකු මරන්නහුය, කුරුසියෙහි ඇණගසන්නහුය; සමහරෙකුට ඔබ සැමගේ සිනගෝගවලදී තළා, ඔවුන් නුවරින් නුවරට එළවමින් පීඩාකරන්නහුය.
Sinhala SNRV (New Revised Version 2018)
එබැවින් මම දිවැසිවරයන් ද ප්‍රඥාවන්තයන් ද විනයධරයන් ද ඔබ වෙතට එවමි. ඔබ ඔවුන්ගෙන් ඇතමෙකු මරන්නහු ය; ඇතමෙකු කුරුසියෙහි ඇණ ගසන්නහු ය; ඇතමෙකුට ඔබගේ ධර්මශාලාවල දී තළා, ඔවුන් නුවරින් නුවරට පලවා හරින්නහු ය.