Matthew 25:37 — Compare Translations
4 translations compared side by side
Sinhala (SCV) 2020 (සිංහල කාලීන පරිවර්තනය)
“එවිට ධර්මිෂ්ඨයෝ උන්වහන්සේට පිළිතුරු දෙමින්, ‘ස්වාමිනි, ඔබ සාගිනිව සිටිනු දැක අප ඔබට ආහාර දුන්නේ කවරදා ද? ඔබ පිපාසිතව සිටිනු දැක ඔබට බොන්නට දුන්නේ කවරදා ද?
Sinhala Bile - New Revised Version (NRSV)
එකල දැහැමියන් උත්තර දෙමින්, ‘ස්වාමීනි, කවර කලෙක ඔබ වහන්සේ සාගිනි ව සිටිය දී අපි ඔබට කෑම දුනිමු ද? පිපාසා වී සිටිය දී බොන්න දුනිමු ද?
Sinhala Bile - Revised Old Version (SROV)
එකල ධර්මිෂ්ඨයන් උත්තරදෙමින්: ස්වාමිනි, කොයි කලෙක ඔබවහන්සේ බඩගිනිව සිටිනවා දැක කෑම දුනිමුද? නොහොත් පිපාසිතව සිටිනවා දැක බොන්ට දුනිමුද?
Sinhala SNRV (New Revised Version 2018)
එකල දැහැමියන් උත්තර දෙමින්, ‘ස්වාමීනි, කවර කලෙක ඔබ වහන්සේ සාගිනි ව සිටිය දී අපි ඔබට කෑම දුනිමු ද? පිපාසා වී සිටිය දී බොන්න දුනිමු ද?