Matthew 26:71 — Compare Translations
4 translations compared side by side
Sinhala (SCV) 2020 (සිංහල කාලීන පරිවර්තනය)
ඉන්පසු ඔහු පිටත දොරකඩ වෙත ගියේ ය. එහිදී වෙනත් සේවිකාවක් ඔහු දැක, “මේ මිනිහා අර නාසරෙත්හි යේසුස් සමඟ සිටියා” යි එහි සිටියවුනට කීවා ය.
Sinhala Bile - New Revised Version (NRSV)
ඔහු පිටත දොරටුව ළඟට ගිය කල, තව සේවිකාවක් ඔහු දැක, “මොහුත් නාසරෙත්හි ජේසුස් සමඟ සිටියේ ය”යි එහි සිටියවුන්ට කීවා ය.
Sinhala Bile - Revised Old Version (SROV)
ඔහු පිටතට දොරටුව ළඟට ගිය කල, තව තැනැත්තියක් ඔහු දැක: මොහුත් නාසරිය යේසුස් සමඟ සිටියේයයි එතන සිටියවුන්ට කීවාය.
Sinhala SNRV (New Revised Version 2018)
ඔහු පිටත දොරටුව ළඟට ගිය කල, තව සේවිකාවක් ඔහු දැක, “මොහුත් නාසරෙත්හි ජේසුස් සමඟ සිටියේ ය”යි එහි සිටියවුන්ට කීවා ය.