Matthew 7:26 — Compare Translations

4 translations compared side by side

Sinhala (SCV) 2020 (සිංහල කාලීන පරිවර්තනය)
එහෙත් මාගේ මේ වචන අසා ඒවා නො පිළිපදින හැම කෙනෙක්ම, වැල්ල මත තම ගේ හැදූ මෝඩ මිනිසකුට සමාන ය.
Sinhala Bile - New Revised Version (NRSV)
තවද, යමෙක් මාගේ මේ වචන අසා, ඒවා නොපිළිපදී ද, ඔහු වැලි මත ගෙය තනාගත් අනුවණ මනුෂ්‍යයෙකුට සමාන ය.
Sinhala Bile - Revised Old Version (SROV)
යමෙක් මාගේ මේ වචන අසා, ඒවා පිළි නොපදීද, ඔහු වැලි මත්තෙහි තමාගේ ගෙය සාදාගත් නුවණ නැති මනුෂ්‍යයෙකුට සමානකරනු ලබන්නේය.
Sinhala SNRV (New Revised Version 2018)
තවද, යමෙක් මාගේ මේ වචන අසා, ඒවා නොපිළිපදී ද, ඔහු වැලි මත ගෙය තනාගත් අනුවණ මනුෂ්‍යයෙකුට සමාන ය.