Matthew 9:14 — Compare Translations
4 translations compared side by side
Sinhala (SCV) 2020 (සිංහල කාලීන පරිවර්තනය)
එකල යොහන්ගේ ගෝලයෝ උන්වහන්සේ වෙත අවුත්, “අපත්, පරිසිවරුනුත් උපවාසයෙන් සිටින නමුත්, ඔබගේ ගෝලයින් උපවාසයේ නො සිටින්නේ මන්දැ?” යි ඇසූහ.
Sinhala Bile - New Revised Version (NRSV)
එකල ජොහන්ගේ ගෝලයෝ උන් වහන්සේ වෙත අවුත්, “පරිසිවරුත්, අපිත් නිතර උපවාස කරමු. එහෙත්, ඔබේ ශ්‍රාවකයන් උපවාස නොකරන්නේ මන්දැ”යි ඇසූ හ.
Sinhala Bile - Revised Old Version (SROV)
එකල යොහන්ගේ ගෝලයෝ උන්වහන්සේ ළඟට ඇවිත්: පරිසිවරුත් අපිත් නොයෙක්වර නිරාහාරව සිටිමුව, නුමුත් ඔබගේ ගෝලයන් නිරාහාරව නොසිටින්නේ මක්නිසාදැයි කීවෝය.
Sinhala SNRV (New Revised Version 2018)
එකල ජොහන්ගේ ගෝලයෝ උන් වහන්සේ වෙත අවුත්, “පරිසිවරුත්, අපිත් නිතර උපවාස කරමු. එහෙත්, ඔබේ ශ්‍රාවකයන් උපවාස නොකරන්නේ මන්දැ”යි ඇසූ හ.