Nehemiah 7:3 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
මම ඔවුන්ට කතා කොට, “අවු රස්නය සැර වන්නට පෙර ජෙරුසලමේ දොරවල් අරින්න නොදෙන්න. ඔවුන් මුර කරන අතර ම දොරවල් වසා පොලු දමා තිබිය යුතු ය. ජෙරුසලමේ වැසියන්ගෙන් සමහරෙකු මුර වැඩවලට ද අන් සමහරෙකු ඔවුන්ගේ ගෙවල් ඉදිරිපිට ද මුරට යොදවා ගත යුතු ය”යි කීවෙමි.
Sinhala Bile - Revised Old Version (SROV)
මම ඔවුන්ට කථාකොට: අව්ව සැරවෙන තුරු යෙරුසලමේ දොරවල් අරින්ට නොදෙන්න; ඔවුන් මුරකරන අතරම දොරවල් වසා පොලු දමන්ට යෙදේවා. යෙරුසලමේ වැසියන්ගෙන් මුරකාරයන් එක් එක් කෙනා වශයෙන් තම තමාගේ ගෙය ඉදිරිපිට මුරට සිටුවන්නැයි කීවෙමි.
Sinhala SNRV (New Revised Version 2018)