Numbers 10:29 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
මෝසෙස් තම මාමා වන මිදියන්හි රෙවුයෙල්ගේ පුත් හොබාබ්ට කතා කොට, “ ‘මම නුඹට දෙන්නෙමි’ කියා සමිඳාණන් වහන්සේ වදාළ ස්ථානයට අපි පිටත් ව යන්නෙමු. සමිඳාණන් වහන්සේ ඉශ්රායෙල් ජනයාට ශුභසිද්ධිය සැලසීමට පොරොන්දු වී ඇති බැවින්, ඔබ ද අප සමඟ එන්න; අපි ඔබටත් ශුභසිද්ධිය සලසන්නෙමු”යි කී ය.
Sinhala Bile - Revised Old Version (SROV)
මෝසෙස් තමාගේ මාමා වන මිදියන්හි රෙවුයෙල්ගේ පුත්‍රවූ හොබාබ්ට කියනුයේ: මම ඔබ සැමට දෙන්නෙමියි කියා ස්වාමීන්වහන්සේ කී ස්ථානයට අපි ගමන්කරමුව. අප සමඟ එන්න, අපි ඔබට යහපත කරන්නෙමුව. මක්නිසාද ස්වාමීන්වහන්සේ ඉශ්‍රායෙල් ගැන යහපත කථාකර තිබේයයි කීවේය.
Sinhala SNRV (New Revised Version 2018)