Numbers 5:15 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
මෙවැනි අවස්ථාවක දී, ඇගේ සැමියා තම බිරිඳ පූජකවරයා වෙත ගෙනා යුතු ය. ඈ උදෙසා පඬුරක් වන යව පිටි කිලෝග්‍රෑම් එකක් රැගෙන ආ යුතු ය. එහෙත්, පඬුර පිට තෙල් හෝ තුවරලා හෝ නොදැමිය යුතු ය. එසේ කළ යුත්තේ එය වැරැද්දක් එළිදරව් කරන සිහි කිරීමේ පූජාවක් ද, ඊර්ෂ්‍යා දුරුකිරීමේ ධාන්‍ය පූජාවක් ද වන බැවිනි.
Sinhala Bile - Revised Old Version (SROV)
ඒ මනුෂ්‍යයා තමාගේ භාර්යාව පූජකයා වෙතට කැඳවාගෙන ඒවා, ඈ උදෙසා ඇගේ පූජාව පිණිස යව පිටි ඒඵාවකින් දසයෙන් කොටසක් ගෙනේවා; ඒක ශංකා ආහාර පූජාවක් වන වරද සිහිකරවන සිහිවීමේ ආහාර පූජාවක් නිසා ඔහු ඒවා පිට කිසි තෙලක් වත්නොකෙරේවා, ඒවා පිට තුවරලාද නොදමාවා.
Sinhala SNRV (New Revised Version 2018)